ධවල මන්දිරියේ ප්‍රවෘත්ති ලේකම් ජෝෂ් අර්නස්ට් අඟහරුවාදා මාධ්‍ය හමුව පවත්වමින් සිටිය දී බෝම්බ බියක් හේතුවෙන් සියලු මාධ්‍යෙව්දින් ඉවත්කැර ධවල මන්දිරයේ උතුරු කොටස හිස් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු රහස් සේවා පැවසුවේ පස්වරු 1.53 ට මාධ්‍ය හමුව පැවැත්වෙන ශාලාවේ බෝම්බයක් ඇති බවට දුරකතන ඇමතුමක් මෙට්රොපොලිටන් පොලීසියට ලැබුණු බවයි. මේ ඇමතුම හේතුවෙන් ධවල මන්දිරයේ කොටසක් හිස් කැරිණි. පැයකට පසුව ඇමරිකානු කැපිටල් පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමකින් කියවුනේ ධවල මන්දිරයේ ඩර්ක්සන් සෙනෙට් කාර්යාලයේ ද බෝම්බයක් ඇති බවයි.
ඒ අවස්ථාව වනවිට ධවල මන්දීරයේ ඕවල් කාර්යාලයේ සිටි ජනාධිපති බැරක් ඔබාමා එම ස්ථානයෙන් ඉවත්කැර නැත. ජනාධිපති ආර්යාව වන මිචෙල් ඔබාමා සහ දියණියන් දෙදෙනා වන ෂාෂා සහ මාලියා ද ධවල මන්දිරයේ සිටිය ද ඔවුන් සිටි ස්ථාන වලින් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරින් කටයුතු කැර නැත.
පරික්ෂාවෙන් පසු නැවත ඇරඹි මාධ්‍ය හමුවේදී අර්නස්ට් පවසා ඇත්තේආරක්ෂිත රහස් කටයුතුවල නිරත අයගේ වෘත්තීය නිපුණත්වය අනුව ආරක්ෂාව පිළිබඳ ඔවුන් අවශ්‍ය සියළු තීරණ ගන්නා බව තම විශ්වාසය බවයි. කෙසේ වෙතත් ධවල මන්දිරයේ කොටසක සිටි අය පමණක් ඉන් ඉවත් කලේ ඇයි ද යන්න තවමත් ස්ථිර ලෙස කිව නොහැකි බව ද අර්නස්ට් පවසා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාධ්‍ය හමුවේ දී බෝම්බ බියක්